කුමාර් ගුණරත්නම් නිදහස් කරන්න මැදිහත් වෙන්න මට බැහැ - අගමැති පෙරටුගාමීන්ට කියයි

Saturday, 05 December 2015 - 9:34

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයා ලෙස සැලකෙන කුමාර් ගුණරත්නම් නිදහස් කිරීම සඳහා දැන් තමාට මැදිහත් විය නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා. ඒ, එම පක්ෂයේ නියෝජිතයන් පිරිසක් ඊයේ පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදියි.

කුමාර් ගුණරත්නම් සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් සිදුකර ඇති අතර මේ වන විට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩුවක් විභාග වනවා. එහි තීන්දු ලැබෙන තුරු තමන්ට මෙම ගැටළුවට මැදිහත් විය නොහැකි බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත්තේ.

මානව හිමිකම් කොමිසමට යාමට පෙර තමා හමුවූයේ නම් ගැටළුව විසදා ගැනීමට තමාට මැදිහත්වීමට ඉඩ තිබූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබෙනවා.

පොලිසිය, කුමාර් ගුණරත්නම් කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය මවගේ නිවසේ රැඳී සිටියදී අත්අඩංගුවට ගත්තේ පසුගිය 05 වැනිදායි. ඒ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ චෝදනාවටයි.

මේ අතර, කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය ලබාදිය යුතු බව ඒකාබද්ධ විපක්ෂය ඊයේ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories