පරාක්‍රම සමුද්‍රය ඇතුළු ප්‍රධාන ජලාශ රැසක් වාන් දමයි (ඡායාරූප)

Saturday, 05 December 2015 - 10:16

%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%A2%E0%B6%BD%E0%B7%8F%E0%B7%81+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%B8%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ජලාශ රැසක වාන් දොරටු මේ වනවිට විවෘත කර තිබෙනවා. ඒ අනුව පරාක්‍රම සමුද්‍රය, රාජාංගනය, ඉගිනිමිටිය, තම්බෝව, දැදුරුඔය, කවුඩුල්ල, වෙහෙරගල, ලූණුගම්වෙහෙර ජලාශය සහ සේනානායක සමුද්‍රයේ ද වාන් දොරටු විවෘත කර ඇති බව සදහන්.

පරාක්‍රම සමුද්‍රයේ වාන්දොරටු දහයම මේ වනවිට විවෘත කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. මෙම ජලාශවල වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් ජලාශ පහළ ප්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ.

මේ අතර, පොළොන්නරුවේ සෝමාවතී පුදබිමට යන මාර්ගය සුංගාවිල ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා තිබෙනවා. පොළොන්නරුව - මඩකලපුව මාර්ගයේ ගල්ලෑල්ල ප්‍රදේශය ද ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට මේ වනවිට බාධා එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියා සිටියේ ප්‍රධාන ජලාශ කිහිපයක වාන්දොරටු විවෘත කිරීම හේතුවෙන් මහවැලි  ඟඟේ ජල මට්ටම ද තරමක් ඉහළ ගොස් ඇති බවයි.
 
මීට අමතරව පුත්තලම - මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් අඩි පහමාරක් පමණ ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. ඒ හේතුවෙන් වාහන ගමනාගමනට බාධා එල්ල වී තිබෙනවා.

බදුල්ල - හල්දුම්මුල්ල - බෙරගල මාර්ගයේ ගල් පෙරළීමේ අවධානමක් පවතින හෙයින් ඒ හේතුවෙන් රියදුරන් අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරටත් සදහන් කළේ.

අධික වර්ෂාවත් සමඟ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය හම්බන්තොට ප්‍රදේශයේදී ජලයෙන් යට වී තිබෙනවා. හුංගම - රන්න සහ බටඅත ප්‍රදේශවල මෙම ජල ගැලීම් තත්ත්වය පැවති බවයි අප වාර්තාකරු සදහන් කළේ. මේ නිසා එම මාර්ගයේ සැහැල්ලූ වාහන ගමනාගමනයට බාධා එල්ල වුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය දිවයින ආසන්නයේ තවදුරටත් පවතින හෙයින් අද පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බවයි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ දර්ශන ප්‍රේමතිලක සඳහන් කළේ.



Update: Saturday, 05 December 2015 - 12:16
-----------------------------------------------------

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු අරී - සෝමාවතිය පාරත් ජලයෙන් යටවෙයි


පොළොන්නරුවට පවතින දැඩි වර්ෂාපතනය හමුවේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10 ම විවෘත කර තිබෙනවා. මේ හේතුවෙන් මහවැලි ගග අවට ජනතාව සැලකිලිමත් විය යුතු බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

පොළොන්නරුවට පවතින වර්ෂාව හේතුවෙන් මේ වන විට ප්‍රධාන ජලාශ මෙන්ම කුඩා වැවු රැසක් වාන් දමමින් පවතිනවා. අප වාර්තාකරු සඳහන් කලේ පරාක්‍රම සමුද්‍රය මෙන්ම කවුඩුල්ල ජලාශයේ ද වාන් දොරටු විවෘත කර ඇති බවයි.

පොලොන්නරුව පරාක්‍රම  සමුද්‍රයේ සමුද්‍රයේ වාන් දොරටු 10 ම සහ කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු හයක් අඩිය බැගින් විවෘත කල බවයි පොළොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ආර් එම් පී කරුණාරත්න මහතා ප්‍රකාශ කලේ.

මේ අනුව පරාක්‍රම සමුද්‍රයේ එක් වාන් දොටුවකින් තත්පරයට ජලය ඝන අඩි 1200 ක් හා කවුඩුල්ල ජලාශයෙන් තප්පරයට ඝන අඩි 1680 ක් පිටවන බව වාරිමාර්ග අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කලා.

මහවැලි ගගේ වැඩි ජලය පිටාර ගැලීම හේතුවෙන් පොලොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගය ද අඩියක් පමණ ජලයෙන් යට වී තිබෙනවා. දහවල් වන විටද එහි සැහැල්ලූ වාහන ගමනා ගමනයට බාධා එඇල්ල විය හැකි බවයි පොළොන්නරුව පොලිසිය සඳහන් කර ඇත්තේ.

මේ අතර පොළොන්නරුවේ සෝමාවතී පුදබිමට යන මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම මාර්ගය තාවකාලිකව වසා දමා ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සඳහන් කලා.

පරාක්‍රම  සමුද්‍රයේ වාන් දොරටු විවෘත කර ඇති බැවින් අවධානයෙන් පසුවන ලෙසටයි මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලේ දිවයින අවට වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අදත්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල තද වැසි ඇති විය හැකි බවයි.
















ඡායාරූප, පොළොන්නරුව - රොෂාන් තුෂාර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories