මංතීරු නීතිය තවත් මාර්ගවලට

Saturday, 05 December 2015 - 16:24

%E0%B6%B8%E0%B6%82%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%80%E0%B6%BD%E0%B6%A7
ලබන සඳුදා සිට කොළඹ නගරයේ තවත් මාර්ග 3ක මංතීරු නීතිය විශේෂිතව ක්‍රියාත්මක වන බව පොලිස් රථවාහන කොට්ටාශය පවසනවා.

ඒ අනුව, බෞද්ධාලෝක මාවත, ඩුප්ලිකේෂන් පාර සහ හැව්ලොක් මාර්ග වල මෙම මංතීරු නීතිය ක්‍රියාත්මක වනු ඇති.

නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරි ලෙස රථවාහන ධාවනය කරන රියදුරන්ට එරෙහිව මෙම නීතිය ක්‍රියාත්මක වනවා. එහිදී අදාළ රියදුරන් අත්අඩංගුවට ගැනීමට ද නීතියෙන් ඉඩකඩ සලසා තිබෙනවා.

ජයවර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වා දිවෙන කොටසේ මංතීරු නීතිය මේ වනවිටත් ක්‍රියාත්මක වන අතර එහි සාර්ථකත්වය මත  බෞද්ධාලෝක මාවත,  ඩුප්ලිකේෂන් සහ හැව්ලොක් මාර්ගවල මංතීරු නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලිස් රථ වාහන කොට්ඨාශය සඳහන් කළේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories