විදේශීය ආයෝජකයින්ට අක්කර 5000ක ඉඩම්

Sunday, 06 December 2015 - 8:09

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB+5000%E0%B6%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B7%8A
විදේශීය ආයෝජකයන්ට මෙරට ව්‍යාපෘති සිදුකිරීම සඳහා උපරිම වශයෙන් අක්කර 5000 දක්වා ඉඩම් ලබාදිය හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට සහභාගිවෙමින් අමාත්‍යවරයා කියා සිටියේ විදේශීය ආයෝජන සඳහා මෙවර අයවැයෙන් ඇතැම් නීතිරීති ලිහිල් කිරීමට පියවර ගෙන ඇති බවයි. ශ්‍රමය වැඩි වශයෙන් යොදා ගැනෙන රැකියා ජනනය කරන ව්‍යාපෘති සඳහා මෙහිදී වැඩි අවධානය යොමුවන බවයි මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට පෙර විදේශ ආයෝජන සඳහා දැඩි බදු රීති පනවා තිබූ බවත්, අමාත්‍යවරයා කියා සිටියා. මෙවර අයවැය යෝජනාවලට අනුව විදේශිකයන්ට මෙරට ඉඩම් සඳහා සියයට සීයක බදු නොගෙවා ආයෝජන ව්‍යාපෘති ආරම්භ කළ හැකියි. ඔවුන්ට මෙරට ඉඩම් සින්නක්කර ලබාගැනීමේ හැකියාවක් නැහැ. එහෙත් සක්‍රීය ආයෝජන සඳහා අනූ නම වසරක බද්දට එලෙස ඉඩම් ලබාගත හැකි බවයි මුදල් අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේ.

විදේශීය ආයෝජන සැළකූ විට රජය විවිධ ක්‍ෂේත්‍රයන් හඳුනාගෙන තිබෙනවා. ඒ සෑම ක්‍ෂේත්‍රයක්ම ඇමරිකානු ඩොලර් මිලියන 2 ට වැඩි ශක්‍යතාවක් සහිත ක්‍ෂේත්‍රයන් බව මුදල් අමාත්‍යවරයා සඳහන් කළා. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව සිදුකළ ව්‍යාපෘති සඳහා විදේශීය ආයෝජකයන්ට එක්විය හැකිදැයි හින්දු මාධ්‍යවේදියා මෙහිදි මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කළා. ඊට පිළිතුරු වශයෙන් අමාත්‍යවරයා කියා සිටියේ පෞද්ගලික යන්නෙන් දේශීය හා විදේශීය ආයෝජකයන් නිර්වචනය කෙරෙන අතර, පොදු ව්‍යාපෘති ශ්‍රී ලාංකික පුරවැසියන්ට පමණක් සීමාවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories