ලන්ඩනයේත් ත්‍රස්ත ප්‍රහාරයක්

Sunday, 06 December 2015 - 9:24

%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එංගලන්තයේ ලන්ඩන් නුවර නැගෙනහිර ප්‍රදේශයේ උමං දුම්රිය ස්ථානයකදී පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තවත් පුද්ගලයන් තුන්දෙනෙකුට තුවාල සිදුකර තිබෙනවා. ඉන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල වන අතර මෙය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස සළකා පරික්ෂණ පවත්වන බවයි ලන්ඩන් පොලීසියේ ත්‍රස්ත මර්දන ඒකකය සඳහන් කළේ. පිහි ඇනුම සිදුකළ පුද්ගලයා පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලන්ඩන් ත්‍රස්ත මර්දන පොලිස් ඒකකයේ ප්‍රධානියා සඳහන් කළේ නගරයට ත්‍රස්තවාදී ප්‍රහාර එල්ලවීමේ අවදානම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories