චෙන්නායි ජල ගැලීමෙන් කොටුවූ සහ බුද්ධගයාවේ අතරමං වූ ලාංකිකයන් 282ක් ගෙන්වයි

Sunday, 06 December 2015 - 17:22

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%9C%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B7%80%E0%B7%96+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+282%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
චෙන්නායි නුවර ජල ගැලීම් තත්වය හේතුවෙන් සිරවි සිටි ලාංකිකයන් දෙසිය අසු දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ ඔවුන් මෙරටට රැගෙන ඒම සඳහා පිටත්ව ගිය විශේෂ ගුවන් යානා කිහිපයකින්. මිහින් ලකා සමාගමට අයත් එක් යානයක් ලාංකිකයන් රැගෙන දිවයිනට ළගාවුයේ අද පස්වරු 5 ට පමණයි.

මීට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යු එල් 134 දරන යානයෙන් තවත් පිරිසක් ටි‍්‍රචි නුවර සිට දිවයිනට පැමිණියා. එම යානා දෙකේ පැමිණි ලාංකිකයන් සංඛ්‍යාව 120 ක්.

අද දහවල් 12 යි 55 ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යු එල් 132 යානයෙන් ද ඉන්දියාවේ ජල ගැලීම් හේතුවෙන් සිරවී සිටි ලාංකිකයන් එකසිය හැට දෙදෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

දිවයිනට රැගෙන එන තෙක් මෙම පිරිස චෙන්නායි නුවර තාවකාලික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා තිබුනා.

මෙම කණ්ඩායම අතරින් පිරිසක් පසුගිය මස 17 වන දා දඹදිව වන්දනාවේ ගොස් තිබුණේ මහනුවර ප්‍රදේශයේ වන්දනා චාරිකා සංවිධානය කරන පුද්ගලයෙකුගේ මාර්ගයෙන්.

කෙසේ වෙතත් සංචාරය අතරතුර දී මුදල් අවසන් වූ බවට ඔහු වන්දනාකරුවන්ට ප්‍රකාශ කිරීම නිසා ඔවුන්ට බුද්ධගයාවේ හෝටලයක් තුළ නවාතැන් ගැනීමටයි සිදුවුණේ. අද මෙම පිරිස සමඟ අදාළ පුද්ගලයා ද  දිවයිනට පැමිණි අතර ඔහු කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.

මේ අතර ඉන්දීය පුවත් සේවාවල දැක්වෙන්නේ දින කිහිපයක් පැවති ජල ගැලීම් හමුවේ අඩාලව තිබු චෙන්නායි නුවර ගුවන් තොටුපල කටයුුතු යළි ආරම්භ කර ඇති බවයි. එමෙන්ම චෙන්නායි නුවර දුම්රිය සහ බස් රථ ගමනාගමනය ද ක්‍රමයෙන් යථා තත්වයට පත්වෙමින් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories