Update: මහින්දගේ ආරක්ෂක වියදම කැබිනට් මණ්ඩලයට දෙයි

Monday, 07 December 2015 - 7:41

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B6%B8+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොපමණ මුදලක් වැය වන්නේ ද පිළිබදව වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත මෙම වාර්තාව සකස් කළ බවයි මුදල් අමාත්‍යවරයා සදහන් කළේ. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති නිලධාරීන් ඇතුළු සෙසු පහසුකම් පිළිබද තොරතුරුද එම වාර්තාවට ඇතුළත් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා. කෙසේ නමුත් ආරක්ෂාවට යොදවා ඇති හමුදා නිලධාරීන් සංඛ්‍යාව පිළිබදව තවදුරටත් සොයා බලමින් පවතින බවයි ඔහු කියා සිටියේ.  

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා අමතර හමුදා සෙබලූන් සහ නිලධාරීන් අනුයුක්ත කළ යුතු බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට ප්‍රකාශ කළා. ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු සදහන් කළේ වත්මන් රජය පුනරුත්ථාපනය නොකළ දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. රැදවියන් නිදහස් කිරීමට පියවර ගෙන තිබීම නිසා හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ ජනාධිපතිවරයා ඇතුළු ප්‍රභූන්ට හමුදා ආරක්ෂාව ලබාදීම මේ වන විට අත්හිටුවා ඇති බවයි. පොලීසිය මගින් එම කටයුතු සිදුකෙරෙන අතර, ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට ද ඉදිරියේදී පොලිස් ආරක්ෂාව පමණක් ලබාදීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළා.


Update: Monday, 07 December 2015 - 8:23
---------------------------------------------------
"මහින්දගේ නෙවෙයි ජනපති මෛත්‍රීගේත් ආරාක්ෂාව අඩුකළා"


ආණ්ඩුව දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීමත් සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට ජීවිත තර්ජන එල්ල වී ඇති බව ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට පැවසුවේ  නිවේදනයක් නිකුත් කරමින්.  ඔහු සදහන් කළේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කරනවා වෙනුවට ආණ්ඩුව සිදුකළ යුත්තේ ආරක්ෂාව වැඩි කිරීම බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා නිලධාරින් 500 දෙනෙකු ඉවත් කළ බවට වාර්තා  පළවූ  අතර, එය අසත්‍යක් බව සඳහන් කරමින් හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයා ඊයේ (06) පස්වරුවේ  නිවේදනය නිකුත් කළා.

එහි දැක්වෙන්නේ යුධ හමුදා සෙබළුන් හා නිලධාරින් 102ක් හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට යොදවා ඇති බවයි.

ඉන් 80 දෙනෙකු ආරක්ෂාව සඳහාත් 22 ක් පරිපාලන කටයුතු සඳහාත් අනුයුක්ත කර ඇති බව අදාළ නිවේදනයේ සඳහන්.

වත්මන් රජය පුනරුත්ථාපනය නොකළ දරුණු ගණයේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් නිදහස් කිරීමට පියවර ගෙන ඇති නිසා හිටපු ජනාධිපතිවරයාගේ ජීවිතයට තර්ජන එල්ලවී ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ එවැනි තත්ත්වයක් හමුවේ දැනට ලබාදී ඇති හමුදා නිලධාරින් සංඛ්‍යාවට අමතරව තවත් සෙබළුන් හා නිලධාරින් අනුයුක්ත කිරීම ආණ්ඩුවේ වගකීම බවයි.

කෙසේ වෙතත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න  පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ පමණක් නොව වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාවද අඩු කර ඇති බවයි.

"හිටපු ජනාධිපතිතුමාගේ විතරක් නෙවෙයි අපේ ජනාධිපතිතුමාගෙත් ආරක්ෂාව අඩු කරලා තියෙන්නේ.. අපි රජය තීන්දුවක් ගත්තා දැන් යුද්ධයක් නැහැ බොහොම සාමකාමීයි රට... ඒ නිසා පොලිසිය ඇරෙන්න ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරයා දක්වා කිසි කෙනෙකුගේ ආරක්ෂාව සඳහා ත්‍රිවිධ හමුදාවන් හෝ විශේෂ කාර්ය බලකාය පාවිච්චි කරන්නේ නැහැ.... ඒ නීතිය මේ ර‍ටේ හිටපු ජනාධිපතිවරයාට පමණක් නොවෙයි වර්තමාන ජනාධිපතිවරයාටත් බලපානවා....'



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories