Update: මුහුද මැද තියනවා කිව්ව මිනී හමුවී නැහැ - ත්‍රිකුණාමල මුහුදේ තවදුරටත් මෙහෙයුම්

Monday, 07 December 2015 - 8:24

Update%3A+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%93+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් විස්සක් පමණ දුරින් මුහුදේ මුහුදේ පාවෙමින් තිබූ බව කියන මළ සිරුරු 5 සොයා නාවික හමුදාව සිදුකරන මෙහෙයුම් තවමත් ක්‍රියාත්මකයි. ඩෝරා යාත්‍රා  තුනක් යොදාගනිමින් මෙහෙයුම් කටයුතු අද උදෑසන ආරම්භ කළ බවයි ත්‍රිකුණාමලය වරාය පොලීසිය සඳහන් කළේ. මුහුදු සැතපුම් විස්සක් පමණ දුරින් මුහුදේ මළ සිරුරු 5 ක් පාවෙමින් තිබූ බවට ධීවරයෙකුගෙන් ලද තොරතුරක් මත ඊයේ මෙහෙයුම් ආරම්භ කළා.

Update: Monday, 07 December 2015 - 11:14
--------------------------------------------------

ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් විස්සක් පමණ දුරින් මුහුදේ මළ සිරුරු 5 ක් පාවෙමින් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත නාවික හමුදාව සහ පොලීසිය එක්ව විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ත්‍රිකුණාමලය වරාය පොලීසියට ඊයේ පස්වරුවේ ධීවරයින් පිරිසක් දැනුම්දී ඇත්තේ බෝට්ටුවක් තුළ මළ සිරුරු කිහිපයක් දක්නට ලැබුණු බවයි.

ඒ අනුව ඊයේ (06) පස්වරුවේ සිට අද අලූයම එක දක්වා එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළද  එවැනි බෝට්ටුවක් හෝ මළ සිරුරු සොයාගැනීමට නොහැකිවූ බවයි පොලිසිය සඳහන් කළේ.

මෙහෙයුම සඳහා ඩෝරා යාත්‍රා දෙකක්ද ඊයේ යොදවා තිබූ අතර අද උදෑසන සිට යළිත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ඉකුත් දින දෙක තුළද නිලාවේලි සහ තලෙයිමන්නාරම වෙරළ තීරයේ තිබී පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගත්තා. පසුව සිදුකරන ලද පොලිස් පරික්ෂණවලින් අනාවරණ වූයේ මියගිය පුද්ගලයන් ඉන්දීය ජාතිකයින් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories