අයවැයට එරෙහිව බස් සංගම් 5කින් කළු කොඩි

Monday, 07 December 2015 - 8:52

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92
අයවැයෙන් තමන්ට සහන ලැබී නොමැති බව පවසමින් කළු කොඩි ඔසවා බස් ධාවනය කිරීමේ විරෝධතාවක් දැක්වීමට බස් සංගම් පහක් තීරණය කර තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ඇතුලූ බස් සංගම් පහකුයි මෙලෙස අද මධ්‍යම රාත්‍රීයේ සිට කළු කොඩි විරෝධතාවට එක්වන්නේ.  

මේ අතර පොලීසිය ක්‍රියාත්මක කරන මංතීරු නීතියට එරෙහිව තමන් හෙට දිනයේදී මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජේරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම හරහා බස් රථ ධාවනයට ගැටළු මතුව ඇති බවයි.

පසුගිය මස 26 වන දා සිට නියමිත මංතීරුවලින් බැහැරව අපරීක්ෂාකාරී ලෙස රථවාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගන්නා මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළා. රථවාහන තදබදය සහ රථවාහන අනතුරු අවම කරගැනීම මෙහි අරමුණ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories