ගතවූ පැය 24 තුළ යතුරුපැදි අනතුරුවලින් 6ක් මරුට

Monday, 07 December 2015 - 8:59

%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+24+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+6%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ යතුරුපැදි අනතුරුවලින් පුද්ගලයන් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තංගල්ල - තිස්සමහාරාම මාර්ගයේ වැලිආර ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ලා ගැටී ඊයේ සිදුවූ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කළ විතාරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සහ  ඔහුගේ බිරිඳයි. අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

දඹුල්ල කුරුණෑගල මාර්ගයේ දරමිටිපොල ප්‍රදේශයේදීද ඊයේ සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලිීසිය සඳහන්කළේ යතුරුපැදියේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරින් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක්.

මේ අතර ගම්පහ සහ මුලතිව් ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරු දෙකකින්ද යතුරුපැදි කරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories