සති පොල භූමියේදී පිහි ඇනුමකින් වෙළෙන්දෙකු මරුට

Monday, 07 December 2015 - 9:45

%E0%B7%83%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%B7%E0%B7%96%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%87%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
මහනුවර - ජාතික පොල භූමිය තුළදී වෙළඳාම් කරමින් සිටි වෙළෙන්දෙකුට පිහියෙන් ඇනීම හේතුවෙන් ඔහු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධියෙන් මියගොස් ඇත්තේ මහනුවර - ලේවැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකු බවයි.

පෞද්ගලික ආරවුලක් මත ඇතිවූ බහින්බස්වීමක් හේතුවෙන් ඊයේ මෙම පිහි ඇණුම සිදුකර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන  නොමැති අතර ඔහු සොයා මේ වනවිට පරීක්ෂණ ක්‍රියාත්මකයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories