Update: නාලක ගොඩහේවා අත්අඩංගුවට

Monday, 07 December 2015 - 10:51

Update%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B7%84%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම  සඳහා අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටි එහි හිටපු සභාපතිවරයෙකු වූ නාලක ගොඩහේවා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2013 වසරේ අගෝස්තු මාසයේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙනුයි විමර්ශන සිදු කෙරෙන්නේ.

පෙරේදා දිනයේ හිටපු සභාපතිවරයාට මූල්‍ය අපරාධ විමර්ශ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබූනත් එදින ඔහු එම කොට්ඨාශය හමුවේ පෙනී සිටියේ නැහැ. මොහු නීතීඥයෙක් මාර්ගයෙන් ඉල්ලා තිබුණේ පෙරේදා දිනයේ මෙම කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට හැකියාවක් නොමැති බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙසටයි. ඒ අනුවයි අද පෙරවරුවේ මොහුට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම්දී තිබුණේ.

මේ අතර සුරැකුම්පත් සහ විනිමය කොමිසමේ මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මීට පෙර එහි හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු  වූ ධම්මික මංජිර පෙරේරා සහ එක්තරා පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු වන රොනී ඊබ්‍රාහිම් නැමති දෙදෙනා අත්අඩංගුවට ගත්තා. ඔවුන් අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම සියලූ සැකකරුවන් පොදු දේපල විෂයෙහි ලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනත යටතේ සාපරාධී විශ්වාසය කඩ කිරීම සහ සාපරාධි සාවද්‍ය පරිහරණය යන වැරදි සඳහා අත්අඩංගුවට ගෙන ඇති බවයි. අද අත්අඩංගුවට ගත් විනිමය කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

Update: Monday, 07 December 2015 - 13:02
-----------------------------------------------
විනිමය හා සුරැකුම්පත් කොමිසමේ හිටපු සභාපති නාලක ගොඩහේවා FCID යට

විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා එහි හිටපු සභාපතිවරයෙකු වන නාලක ගොඩහේවා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණෙයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories