7.2ක භූ කම්පනයක්

Monday, 07 December 2015 - 13:53

7.2%E0%B6%9A+++%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ටජිකිස්ථානයේ කරාකුල් නගරයේ සිට කිලෝමීටර් 111ක් නිරිත දෙසින් කිලෝමීටර් 28.7ක් පොළොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය සිදුව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ. භූ කම්පනයෙන් ටජිකිස්ථානයට සිදුවූ හානි පිළිබදව මෙතෙක් වාර්තා ලැබී නැහැ.

එහෙත් එය ටජිකිස්ථානයේ රුසියානු හමුදා කදවුරට බලපෑමක් ඇති නොකළ බව රුසියානු නිළ ප්‍රවෘත්ති සේවය සදහන් කළා. භූ කම්පනය ශ්‍රී නගර් ඇතුළු කාශ්මීර සානුවට ද බලපා තිබෙනවා.

කම්පනය ටජිකිස්ථානයට බොහෝ දුරින් පිහිටි නවදිල්ලි නුවර / උතුරු ඉන්දියාවේ තවත් ප්‍රදේශ කිහිපයකට මෙන්ම පකිස්ථානයේ ප්‍රදේශ කිහිපයකට ද දැනී ඇති බවයි විදෙස් පුවත් සේවාවල දැක්වෙන්නේ.

එම ප්‍රදේශවල ගොඩනැගිලි ද සෙළවී ඇත.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories