UPDATE : ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු සෙවීමට ගුවන් යානයක් - සිරුරු ඉන්දියානුවන්ගේදැයි සැක

Monday, 07 December 2015 - 17:35

UPDATE+%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85++%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7++%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A
ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් විස්සක් පමණ දුරින්  මුහුදේ පාවෙමින් තිබූ බව කියන මළ සිරුරු  සොයා ගැනීම සඳහා ගුවන් හමුදාවේ Y -12 යානයක් ද නාවික හමුදාවේ සහයට එක්කරයි.   මළ සිරුරු  සොයා ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකය.

ඩෝරා යාත්‍රා  තුනක් යොදාගනිමින් මෙහෙයුම් කටයුතු අද උදෑසන ආරම්භ කළා.

ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 20ක් පමණ දුරින් මුහුදේ මළ සිරුරු 5ක් පාවෙන බවට නාවික හමුදාව වෙත තොරතුරු ලබාදී තිබුණේ ධීවරයින් පිරිසක් විසින්. පසුව ඒ බව නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය පොලීසිය දැනුවත් කර තිබුණා. ඒ අනුව පොලීසිය සහ නාවික හමුදා නිලධාරීන් රැගත් යාත්‍රාවක් ඊයේ පස්වරුවේ එම ප්‍රදේශයට පිටත් කර යැවුණු අතර, රාත්‍රී 12 පමණ වන තුරු අදාළ ප්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරුණ ද මළ සිරුරක් හමු වී නැහැ.

මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම යාත්‍රාව නැවත ගොඩබිම වෙත පැමිණියා. අද උදෑසන යළිත් එම ප්‍රදේශයට නාවික හමුදා යාත්‍රා 3ක් යැවුණු අතර, එම යාත්‍රා අදාළ ප්‍රදේශයේ මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි සදහන් කළේ.

මේ අතර, පෙරේදා නිලාවේලි - සුදුගල වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුර ඉන්දීය ජාතිකයෙකුගේ බවට සැක කෙරෙන බව නිලාවේලි පොලීසිය සඳහන් කළා. මෙම සිරුර මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. මිය ගිය පුද්ගලයා සුදු සහ කළු මිශ්‍ර අත්දිග කමිසයකින් සහ ඩෙනිම් කලිසමකින් සැරසී සිට ඇති අතර, කලිසමේ තිබී දකුණු ඉන්දියාවේ නිෂ්පාදිත පුවක් අඩංගු රඳවනයක් හමුවූ බවයි නිලාවේලි පොලීසියේ උසස් නිලධාරියෙකු සදහන් කළේ.

එසේම නිලාවේලි වෙරළ තීරයේ තිබී දකුණු ඉන්දියාවේ පදිංචි පුද්ගලයෙකුගේ හැදුනුම්පතක් ද පොලීසිය සොයා ගත්තා. මීට අමතරව තලෙයි මන්නාරම නාවික හමුදා කදවුර ආසන්නයේ ඇති වැලි පරයට ගොඩ ගැසූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙරේදා දිනයේදී පොලීසිය සොයා ගත් අතර, එම මළ සිරුර ද දකුණු ඉන්දීය ධීවරයෙකුගේ බවට අනාවරණ වුණා.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය දා අයහපත් කාලගුණය සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් රැසක් අතුරුදන් වුණා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාවෙන බවට තොරතුරු ලැබී ඇති සිරුරු එලෙස අතුරුදන් වූ ඉන්දියානුවන්ගේ බවට මතුව ඇත්තේ සැකයක්.     




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories