චීනයේ බීජිං අගනුවර අඩපණ වෙලා

Tuesday, 08 December 2015 - 12:46

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%93%E0%B6%A2%E0%B7%92%E0%B6%82+%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%85%E0%B6%A9%E0%B6%B4%E0%B6%AB+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
දූවිලි දුමාරයකින් චීනයේ බීජිං අගනුවර වැසීයාම හේතුවෙන් එහි පරිසර දූෂණ අවදානමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ නිසා ලබන බ්‍රහස්පතින්දා වනතුරු බීජිං නුවර පාසල් වසා දමා ඇති අතර, පිටතට නිරාවරණය වූ ඉදිකිරීම් කටයුතු ද නවතා දමා ඇති බව වාර්තා වුණා.

පරිසර දූෂණය අවම කිරීමේ පියවරක් ලෙස ඇතැම් කර්මාන්තශාලාවල ක්‍රියාකාරිත්වය ද නතර කරන ලෙස ද උපදෙස් දී ඇති බව සඳහන්.

ලොව විශාලතම පරිසර දූෂකයා ලෙස සැලකෙන චීනයට පැරිසියේ පැවැත්වෙන ලෝක කාලගුණ සමුළුවේදී ද එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මේ වනවිට ලොව රටවල් 185 ක නියෝජිතයන් කාලගුණ වෙනසට හේතුවන කාබන් දහනය අවම කිරීමේ ගිවිසුමක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories