අමරිකා ඔත්තු බැලීමේ යානයක් සිංගප්පුරුවට

Tuesday, 08 December 2015 - 13:46

%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අමරිකා ඔත්තු බැලීමේ ගුවන්යානයක් පළමු වරට සිංගප්පුරුවට පිටත්කර යැවීමට තීරණය වී තිබෙනවා. දකුණු චීන මුහුදේ දුපත්වල අයිතිය සම්බන්ධයෙන් චීනය අඛණ්ඩව සිදුකරන ප්‍රකාශ හමුවේයි අමරිකාව මෙම පියවර ගෙන ඇත්තේ.

අමරිකාව යැවීමට නියමිත මෙම විශේෂ ගුවන්යානය සතියක කාලයක් සිංගප්පුරුවේ නතර කර තැබෙනු ඇති. බෝයිං ඡු-8 වර්ගයේ මෙවැනි යානා මේවන විට පිලිපීනයේ සහ ජපානයේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබනවා.

මීට අමතරව අමරිකානු නිරීක්ෂණ යානයක් මැලේසියාවේ සිට චීනයේ කටයුතු නිරීක්ෂණයට යොමුකර ඇතැයි ද අමරිකා බලධාරීන් ප්‍රකාශකර තිබෙනවා.

මුහුදු කොල්ලකරුවන් / ත්‍රස්තවාදීන් මැඩ පැවැත්වීම / ආපදා සහන සේවා ඇතුලු කටයුතු වෙනුවෙනුයි අමරිකාව සහ සිංගප්පුරුව මෙම එකගතාවට එළඹී ඇත්තේ.

අමරිකා රාජ්‍ය ලේකම් සහ සිංගප්පුරු ආරක්ෂක අමාත්‍යවරයා අතර වොෂිංටන් නුවරදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙවැනි ගුවන්යානා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

දකුණු චීන මුහුදේ ඉදිකර ඇති දුපතකට චීනය මෙන්ම පිලිපීනය / මැලේසියාව ඇතුලු රටවල් කිහිපයක් අයිතිවාසිකම් කියනවා. මීට අමතරව චීනය ජපානය සමග ද ගැටලුවකට මැදිවී ඇත්තේ නැගෙනහිර චීන මුහුදේ ඇති දුපතකට දෙපාර්ශවයම අයිතිවාසිකම් කීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories