චෙන්නායි පිරිසිදු කිරීමට දැවැන්ත මෙහෙයුමක්

Tuesday, 08 December 2015 - 13:48

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වසර සියයකින් විශාලතම ජල ගැල්මට මුහුණ දුන් ඉන්දියාවේ - තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නුවර පිරිසිදු කිරීමේ කටයුතු දැන් ආරම්භ කර තිබෙනවා.

පුද්ගලයන් 280 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූ ජල ගැල්ම මේ වනවිට පහව යමින් පවතින බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. ඒ සමගම නගරයේ වීථි පුරා පැතිරී ඇති කුණු කසල මෙන්ම, නිවෙස්වල රැදී ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සදහා ක්‍රියාත්මක වන්නේ දැවැන්ත මෙහෙයුමක්.

ඒ අනුව, ජනතාව ජලයෙන් යටවී තිබූ සිය නිවෙස්, කාර්යාල, කඩසාප්පු සහ ප්‍රදර්ශනාගාර පිරිසිදු කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා. එක් නිවැසියෙකු සඳහන් කර ඇත්තේ ජල ගැල්මෙන් තම නිවසේ රූපවාහිනි යන්ත්‍ර 3 ක්, ශීතකරණ දෙකක් සහ රෙදි සෝදන යන්ත්‍රයක් ද විනාශ වී ඇති බවයි. ඉන්දීය ආරක්ෂක හමුදාවන් ද චෙන්නායි පිරිසිදු කිරීමේ මෙහෙයුමට මෙන්ම, විපතට පත්වූවන්ට ආහාර පිරිසිදු ජලය සහ වෛද්‍යාධාර සැපයීමට එක්ව සිටිනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories