මහින්ද කහඳගම අත්අඩංගුවට

Wednesday, 09 December 2015 - 13:56

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%84%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගම පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා කුරුඳුවත්ත පොලිසියට පැමිණි අවස්ථාවේදී අද දහවල් ඔහු අත්අඩංගුවට ගැනුනේ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා මහින්ද කහඳගමගේට අද පොලිසියට පැමිණෙන ලෙසට දැන්වීමක් ද කර තිබුනා.

ඔහු කොළඹ නාගරික මන්ත්‍රීවරයකු ද වනවා. රුපියල් පනස් දහසක චෙක්පතක් සොරකම් කිරීම සහ එය මුදල් බවට පත් කිරීම ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගමගේට එරෙහි චෝදනාව වනවා.

ඔහු අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories