මහින්ද කහඳගමට ඇප

Wednesday, 09 December 2015 - 15:48

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%84%E0%B6%B3%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
නීතිඥවරයෙකුගේ රුපියල් 50,000ක චෙක්පතක් සොරකම් කර මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු කොළඹ නාගරික මන්ත්‍රී, ස්වයං රැකියා නියුක්තිකයන්ගේ සංගමයේ හිටපු සභාපති මහින්ද කහඳගම ඇප මත මුදා හැරුණා.

ඒ, ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය, නියෝග කළේ සැකකරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි. අද උදෑසන කුරුඳුවත්ත පොලීසිය මගින් නාගරික මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත් අතර, මීට අදාළ නඩුව ජනවාරි 4 වන දා යළි විභාගයට ගැනීමට නියමිත වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories