ත්‍රිකුණාමල මුහුදේ මළ සිරුරු සෙවීම තවදුරටත්

Wednesday, 09 December 2015 - 16:27

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A
ත්‍රිකුණාමල මුහුදේ පාවෙමින් තිබු බවට පැවසුනු මළ සිරුරු  මෙතෙක් හමුවී නැතැයි නාවික හමුදාව පවසනවා.

කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් තම යාත්‍රා තවදුරටත් සෝදිසියෙන් පසුවන බවයි නාවික හමුදා ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි සඳහන් කලේ.

මළ සිරුරු කිහිපයක් නැගෙනහිර මුහුදේ පාවෙමින් තිබු බවට ධීවරයන් කල දැනුම් දීමකින් නාවික හමුදාව මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කලා.

Y  12 වර්ගයේ ගුවන්යානයක් ද එම විමර්ශනවලට යොදාගත්ත ද කිසිදු තොරතුරක් අනාවරණ කර ගැනීමට හැකිවුයේ නැහැ.

නාවික හමුදාව සඳහන් කලේ මුහුදේ පැවති රලු ස්වභාවය මෙන්ම අයහපත් කාලගුණික තත්වය හමුවේ ඒවා සෙවීම අපහසු වු බවයි.

මේ අතර පසුගියදා නිලාවේලි මුහුදු තීරයේ තිබී ඉන්දීය ජාතිකයකුගේ මළ සිරුරක් හමුව තිබුනා.

පසුගියදා චෙන්නායි නුවරට පැවති ජල ගැලීම් තත්වය හමුවේ මියගිය පුද්ගලයන්ගේ සිරුරු මෙලෙස පාවෙමින් තිබෙන්නට ඇති බවට ද සැක මතුව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories