ලොව පළමු වරට කෘතිම සංසේචනය මගින් සුනඛ පැටවුන් 7 දෙනෙකු බිහිකර තිබෙනවා. වසර ගණනාවක් පුරා කල උත්සාහයකින් පසුවයි මෙම කර්තව්‍ය සාර්ථක වී ඇත්තේ.
අමරිකා විද්‍යාඥයන් පිරිසක් විසින් මෙලෙස කෘතිම සංසේචනය මගින් පසුගිය ජුලි මාසයේ බිහිකල සුනඛ පැටවුන් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව සඳහන්.
බීගල් වර්ගයේ සුනඛ මවක් විසිනුයි කෘතිම සංසේචනය මගින් නිර්මාණය කෙරුනු පැටවුන් බිහිකර ඇත්තේ.
කෙසේවෙතත් ඔවුන් අයත් වන්නේ වෙනත් වෙනත් සුනඛයන් යුවළ 3 දෙනෙකුට බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.
සුනඛ පැටවුන්ගේ කළල බීගල් වර්ගයේ සුනඛ මවගේ ගර්භාෂය තුල තැන්පත් කරනු ලැබ ඇත්තේ සාමාන්‍යයෙන් මානවයන්ගේ කෘතිම සංසේචන කටයුතු සිදුකරන ආකාරයට බවයි අමරිකා විද්‍යාඥයන් ප්‍රකාශ කලේ.
මීට පෙර අදාළ කළල ශිතකරණවල තැන්පත් කිරීමේදී ගැටලුවලට මුහුණදීමට සිදුවුව ද මේවන විට එය නිවැරදිව සිදු කරන ආකාරය පිළිබඳ මනා අත්දැකීම් තමන් සතු බව ද ඔවුන් සඳහන් කර තිබෙනවා.
1970 වසරේ සිට මෙවැනි කෘතිම සංසේචනවලට මිනිසුන් උත්සාහ කල ද එය අසාර්ථක වු බවයි අමරිකා විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.
කෝනල් විශ්ව විද්‍යාලයේ සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ මෙම කෘතිම සංසේචනය සාර්ථක වීම හමුවේ සත්වයන් හා මානවයන්ගේ විවිධ රෝගාබාධවලට එරෙහිව සටන් කිරීමේ හැකියාවක් ද නිර්මාණය කර ගැනීමට හැකි වනු ඇති බවයි.
වඳවී යමින් පවතින ජාන වර්ග සංරක්ෂණයට ද මෙම ක්‍රමය භාවිත කිරීමට හැකිවනු ඇතැයි විද්‍යාඥයන් විශ්වාසය පළකරනවා.

Follow US
Most Viewed Stories