නිධන් සොරුන්ගේ දඹ රන් පිළිමයට ජනතා පුද සත්කාර

Friday, 11 December 2015 - 10:35

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B6%B9+%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B8%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB
වසර සිය ගණනක් පැරණි දඹරන් පිළිමයක් සහ පුන්කලසක් ළග තබාගෙන සිටි සැකකරුවෙකු මහඔය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පාර - අකුල්ඔබ ප්‍රදේශයේ පුරාවිද්‍යා රක්ෂිතයක පිහිටි පැරණි දාගැබක කැණීම් කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිල නිවාසයක පදිංචිව සිටි පුද්ගලයෙකු බවයි පොලිසිය කියා සිටියේ.

අත්අඩංගුවට ගත් රන් පිළිමය  කිලෝ 47 ක් පමණ බරකින් යුක්ත වන බව පොලිසිය කියා සිටියා.

මීට දින කිහිපයකට ඉහතදි මේ ආකාරයෙන් දඹරන් පිළිමයක් මහඔය පොලිසිය මගින් අත් අඩංගුවට ගන්නා තැපල්පොල තේක්කවත්ත ප්‍රදේශයේදීයි.

පොලිසිය විසින් අවස්ථා දෙකෙහිදි අල්ලා ගත්  දඹ රන් බුදු පිළීම වහන්සේලා සහ පුන් කලස 10 වනදා මහඔය පොලිස් ස්ථානයේ බුදු මැදුර අභීයස ජනතාවට වැද පුදා ගැනිමට අවස්ථාව සලසා දී තිබේ.
මෙම  බුදු පිළිම වහනසේලා දැක වැද පුදා ගැනිම සදහා විශාල ජනතාවක් මහඔය පොලිසි වෙත පැමිණෙමින් තිබේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories