උතුරු සහ දකුණු කොරියානු ඉහළ පෙලේ සාකච්ඡාවක්

Friday, 11 December 2015 - 13:32

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%B4%E0%B7%99%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ඉහළ පෙලේ සාකච්ඡාවක් දේශසීමාවේ පිහිටි කේසොං කාර්මික කලාපයේදී අද ආරම්භ වුණා.

පසුගිය අගෝස්තු මාසයේ සිට දෙරට අතර, පවතින්නේ උණුසුම් වාතාවරණයක්. දකුණු කොරියානු සෙබලූන් දෙදෙනෙකු දේශසීමා ප්‍රදේශයේදී බිම්බෝම්බයකට හසුවී මියයාමත් සමග ඇරඹුනු අර්බුදය නැවතත් කොරියානු යුද්ධයක් ඇතිවීමට පවා ආසන්න වුණා.

කෙසේ නමුත්, දෙපාර්ශවය අතර සාකච්ඡා ආරම්භ වීමත් සමග මෙම උණුසුම් තත්ත්වය පහව යනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා.

මීට පෙර පැවති සාකච්ඡාවේදී උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන්ට වෙන් වූ පවුල් එක් කිරීමේ වැඩසටහන යළි ආරම්භ කිරීමට ද එකගත්වයක් ඇතිවුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories