15 වර්ජනය ස්ථිරයි - සමන් රත්නප්‍රිය

Saturday, 12 December 2015 - 18:56

15+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+-+%E0%B7%83%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡුෘව අසාර්ථක වීම හේතුවෙන් ලබන 15 වනදාට යොදාගත්  වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තීය සමිති පවසනවා. එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මේබව ප්‍රකාශ කලා.

රාජ්‍ය, අර්ධ රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසක් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (12) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. මෙම සාකච්ඡා පස්වරු 3 ට පමණ ආරම්භ වූ අතර එය අවසන් වුණේ මීට ටික වේලාවකට පෙරයි. හෙද, පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවලට අයත් වෘත්තීය සමිතිද සාකච්ඡාවට එක්ව සිටියා. අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම සහ වැඩිකළ රුපියල් දස දහසක දීමනාව මූලික වැටුපට එක් නොකිරීම ඇතුළු ඉල්ලීම් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙන බව සාකච්ඡාවට එක්වීමට පෙර අදහස් දැක්වු වෘත්තීය සමිති නියෝජිතයන් සඳහන් කළා.

එසේම මේ මස 15 වනදා ඔවුන් විසින් කැඳවා ඇති දීපව්‍යාප්ත වැඩවර්ජනය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබුණා. කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයා සමඟ පැවැත්වුණු මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සහභාගි වී නැහැ.

සාකච්ඡාවෙන් පසු අදහස් දැක්වු වෘත්තීය සමිති නියෝජිතයන් රැසක් ප්‍රකාශ කළේ සාකච්ඡාව අසාර්ථක වූ බවයි. වර්ජනය පිළිබඳ තීරණයක් ගැනීමට වෘත්තීය සමිති මට්ටමින් යළි රැස්වන බව ඔවුන් සඳහන් කළා. එහෙත් ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් සාකච්ඡාවේ සාධනීය කරුණු කිහිපයක් පවතින බව ද සඳහන් කිරීම විශේෂත්වයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories