ඇමරිකානු ලොක්කෙක් හෙට එයි

Sunday, 13 December 2015 - 8:47

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%BD%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනන් හෙට නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණෙනවා.

දින දෙකක් මෙරට රැඳී සිටින ඔහු රජයේ ප්‍රධානීන් කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා පැවැත්වීමට නියමිතයි. එසේම ඇමරිකානු ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශකවරයා සොයා බලනු ඇති බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

ඔහු සමඟ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීත් සිං ද දිවයිනට පැමිණෙනු ඇති. මීට පෙර ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරිය වන නීෂා බිස්වාල් සහ රාජ්‍ය ලේකම් ජෝන් කෙරීද ශ්‍රී ලංකාවේ සංචාරය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories