රාජ්‍ය ආයතන 23 ක් කෝප් හමුවට

Sunday, 13 December 2015 - 12:58

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%86%E0%B6%BA%E0%B6%AD%E0%B6%B1+23+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%B4%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අමාත්‍යාංශ 19 කට අයත් රාජ්‍ය ආයතන 23 ක් කෝප් හෙවත් පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවන බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ලබන වසරේ ජනවාරි මස පස්වනදායින් මෙම ආයතන පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කෙරෙන අතර, එය මාර්තු 24 වනදා දක්වා පැවැත්වෙන බවයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. මෙම ආයතනවලට එරෙහිව එල්ලවී ඇති පැමිණිලි පිළිබඳව කෝප් කමිටුව මගින් සළකා බැලීමට නියමිතයි.

ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව, රක්නා ලංකා සමාගම, ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ලංකා විදුලිබල මණ්ඩලය, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මෙලෙස කෝප් කමිටුව හමුවට කැඳවනු ඇති.

එමෙන්ම මහජන පැමිණිලි යොමුවී ඇති ශ්‍රී ජයවර්ධනපුර රෝහල, කැලණිය විශ්වවිද්‍යාලය, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය, මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ජාතික ගමනාගමන කොමිසම ඇතුලූ තවත් ආයතන කිහිපයක්ද මෙලෙස මෙම කමිටුව හමුවට කැඳවීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති කෝප් කමිටු සභාපති ධුරයට පත් කිරීමෙන් පසුව එම කමිටුව හමුවට මෙලෙස රාජ්‍ය ආයතන කැඳවන පළමු අවස්ථාව මෙයයි. පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවට සාමාජිකයන් 12 දෙනෙකුගෙන් සමන්විතයි. ඊට  ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන් හයදෙනෙකු සහ විපක්ෂයේ හයදෙනෙකු ඇතුළත්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories