උතුරු අධිවේගී මාර්ගය නව මඟක

Sunday, 13 December 2015 - 18:54

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%93+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B6%9F%E0%B6%9A
උතුරු අධිවේගී මාර්ගය පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය හරහා ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා.

මීට පෙර යෝජනා වී තිබුණේ උතුරු අධිවේගී මාර්ගය වව්නියාව සහ කිලිනොච්චිය හරහා ඉදිකිරීමටයි.

පොළොන්නරුව, ත්‍රිකුණාමලය ආදී ප්‍රධාන නගර සම්බන්ධ කර ගනිමින් අධිවේගී මාර්ගය ඉදිකිරීම වඩාත් ඵලදායී වන බවයි මේ පිළිබදව අප කළ විමසීමකදී මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එම්.පී.කේ.එල්. ගුණරත්න ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් නව යෝජිත මාර්ගය තීරණය කෙරෙන්නේ ශක්‍යතා අධ්‍යයනයකින් අනතුරුව බවත් ඔහු අවධාරණය කළා.

අධිවේගී මාර්ගයේ මුල් අදියර ලබන මාර්තු මාසයේදී ආරම්භ වන්නේ කහතුඩුවේ සිට පැල්මඩුල්ල දක්වා කොටසින්. උතුරු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය දඹුල්ලේ සිට ආරම්භ වීමට නියමිතයි.  

මේ අතර, ලෝලෙවල් මාර්ගය සංවර්ධනයේදී දේපළ අහිමි වන ප්‍රතිලාභීන් සඳහා මිලියන 250ක වන්දි මුදල් පිරිනැමීමේ උත්සවයකට අද සහභාගි වෙමින් උසස් අධ්‍යාපන සහ මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේ උතුරු අධිවේගී මාර්ගය සඳහා දැනටමත් මුදල් ප්‍රතිපාදන හිමි වී ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories