බැසිල් රාජපක්ෂ ගිය කෝටි 15ක ගුවන් ගමන් පිළිබඳව පරීක්ෂණ ඇරඹේ

Monday, 14 December 2015 - 8:16

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+15%E0%B6%9A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 26කට අධික මුදලක් සාපරාධී ලෙස පරිහරණය කළ බවට චෝදනා ගොනු කරමින් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබෙනවා. ඊට අමතරව දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ. රණවකට ද නීතිපතිවරයා විසින් නඩු පවරා ඇති බව සදහන්.

භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මෙම මුදල් පරිහරණය කිරීම ඇතුළු තවත් චෝදනා 6ක් යටතේයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත්තේ.  

මීට පෙර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ අතර පසුව ඔවුන් ඇප මත මුදා හැරුණා.

මේ අතර, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, පසුගිය වසර 3ක කාලය තුළ දී හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදුකළ අභ්‍යන්තර ගුවන් ගමන් පිළිබදවයි. දැනට සිදුකරන ලද විමර්ශනවලින් හෙළි වී ඇත්තේ හිටපු අමාත්‍යවරයා සිදුකරන ලද ගුවන් ගමන් වෙනුවෙන් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් ගුවන් හමුදාවට රුපියල් කෝටි 15.5ක මුදලක් ගෙවා ඇති බවයි. ඒ පිළිබදව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ද ඉදිරියේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට කැදවීමට නියමිත බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories