Update: ඇල්පිටිය පෙම් යුවළගේ මරණය, ඝාතනයක්

Monday, 14 December 2015 - 8:43

Update%3A+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%2C+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - ඇල්පිටිය - අඬාහැලෙන ඇල්ල ප්‍රදේශයේදී වස පානය කර සියදිවි නසාගත්  බවට වාර්තා වූ පෙම්වතුන් යුවළගේ මරණය ඝාතනයක් බවට මේ වනවිට අනාවරණ වී තිබෙනවා.  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ  තරුණියගේ හිසට මොට ආයුධයකින් පහරදීමක් සිදුව ඇති බවයි. එමෙන්ම තරුණයාගේද ගෙළ සිරකර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී තිබෙනවා.

ඇල්පිටිය - අඬාහැලෙන ඇල්ල ප්‍රදේශයේදී පෙම්වතුන් යුවලක් වස පානය කර සියදිවි හානිකරගෙන ඇති බවට ඊයේ උදෑසන පළමුව තොරතුරු වාර්තාවුණා. එම ප්‍රදේශයේ යතුරුපැදියක් දමාගොස් ඇති බවට තොරතුරක් ලැබුණු අතර ඒ අනුව සිදුකළ පරීක්ෂණයකදීයි මියගිය දෙදෙනාගේ මළ සිරුරු සොයාගෙන තිබුණේ.

මොවුන් ඇල්පිටිය - නවඳගල ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි පාසල් සිසුවියක් සහ 23 හැවිරිදි යුද හමුදා සෙබලෙක්. පසුගිය සිකුරාදා සිට මොවුන් අතුරුදන්ව ඇති බවට ඔවුන්ගේ දෙමව්පියන් ඇල්පිටිය පොලිසියට පැමිණිලි කර තිබුණා.




මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

rn


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories