යතුරුපැදි අනතුරකින් තරුණයන් දෙදෙනෙකු මරුට - බසයකුත් ප්‍රපාතයකට පෙරලෙයි

Monday, 14 December 2015 - 9:39

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%B6%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92
මහියංගණය - ගිරාදුරුකෝට්ටේ ප්‍රධාන මාර්ගයේ තුනේ කණුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදුවන අවස්ථාවේදී යතුරුපැදියේ පුද්ගලයන් තුන්දෙනෙකු ගමන් කර ඇති අතර, තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල් ගතකර තිබෙනවා.

අනතුරින් මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙක්. පොලීසිය සඳහන් කළේ අනතුර සිදුවීමත් සමඟ කැබ් රථයේ රියදුරු පළාගොස් ඇති බවයි.

මේ අතර ඊයේ යටියන්තොට - මුගුණුවල ප්‍රදේශයේදී  බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එක් අයෙකු මියගොස් තවත් පුද්ගලයන් හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories