විනිමය කොමිසමේ හිටපු සභාපති යළි රිමාන්ඩ්

Monday, 14 December 2015 - 10:37

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුලූ තුන්දෙනා මේ මස 23 වනදා දක්වා යළිත්  රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ, සැකකරුවන් අද කොටුව අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.

2013 වසරේදී සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ සිදුවූ රුපියල් ලක්ෂ 50ක මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය 7 වනදායි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. මීට පෙර මෙම මූල්‍ය වංචාව සම්බන්ධයෙන්  විනිමය කොමිසමේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයෙකු  වූ ධම්මික පෙරේරා සහ පෞද්ගලික ආයතනයක ප්‍රධානියෙකු වන රොනී ඊබ්‍රාහිම් නැමැත්තා අත්අඩංගුවට ගෙන අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා. 





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories