ඌව විපක්ෂ නායක ධුරය ජවිපෙ ඉල්ලයි

Tuesday, 15 December 2015 - 8:01

%E0%B6%8C%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය ජනතා විමුක්ති පෙරමුණට හිමි විය යුතු බව එම පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. ඌව පළාත් සභාවට විශේෂ ලිපියක් යොමු කරමින් ඔහු සදහන් කළේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ධුරය ජනතා විමුක්ති පෙරමුණේ පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සතු විය යුතු බවයි.

ඊයේ දිනයේදී පැවැති ඌව පළාත් සභාවට 2016 වර්ෂය සඳහා වන මූල්‍ය ප්‍රකාශය ඉදිරිපත් කෙරුණා. එහිදී පළාත් සභා සභාපති ඒ.එම්.බුද්ධදාස ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා යොමු කර තිබූ ලිපිය සභාවට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක සඳහන් කළේ මෙය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එක්ව විසදා ගත යුතු ප්‍රශ්නයක් බවයි.

මේ අතර, ඊයේ දිනයේදී ඌව පලාත් සභාවේ 2016 මූල්‍ය ප්‍රකාශයට අයත් පළාත් අමාත්‍යාංශ කිහිපයක වැය ශීර්ෂ විවාදයට ගැනුණා. එහිදී අදාළ වැය ශීර්ෂයන් සම්මත කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා. විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා පමණයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි ඌව පළාත් සභාවේ මන්ත්‍රී ධුර 34න් 19ක් එක්සත් ජනතා නිදහස් සන්ධානයටත්, 13ක් එක්සත් ජාතික පක්ෂයටත් හිමිව තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories