‘මෙලෝ‘ චණ්ඩ මාරුතය පිලිපීනයට

Tuesday, 15 December 2015 - 8:38

%E2%80%98%E0%B6%B8%E0%B7%99%E0%B6%BD%E0%B7%9D%E2%80%98+%E0%B6%A0%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B6%AD%E0%B6%BA+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
මෙලෝ ලෙස නම් කෙරුණු ප්‍රබල චණ්ඩ මාරුතයක් මධ්‍යම පිලිපීනයට ඊයේ කඩා වැදුණේ වෙරළාසන්න මාර්ග වෙත දැවැන්ත රැළි යොමු කරමින්.

සුළි සුළඟත් සමඟ පිලිපීනයේ සමාර් ප්‍රාන්තයේ ජල ගැලීම් සහ නාය යාම් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

දැනටමත් එහි පවතින්නේ දැඩි වර්ෂාපතනයක්. පැයට කිලෝමීටර් 185 ඉක්ම වූ වේගයෙන් හමන සුළි සුළඟට පෙර හත්ලක්ෂයක් පමණ ජනයා ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කර ගැනුණා.

2013 වසරේ ඇති වූ හයියාන් සුළි සුළඟින් පිලිපීන සමාර් ප්‍රාන්තයට විශාල හානියක් සිදුවූ අතර එම සුළි සුළඟින් මිය ගිය සංඛ්‍යාව 7350කට අධිකයි.

ඊයේ රට තුළට ඇතුළු වූ මෙලෝ සුළි සුළඟ නිසා අඩි 13ක් පමණ උසැති මුහුදු රළ ඇති විය හැකි බවට පිලිපීන බලධාරීන් අනතුරු ඇගවීමක් සිදුකළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories