මුදල් ඇමතිට එරෙහි විශ්වාසභංගය වෙනුවට තේරීම් කාරක සභාවක්

Tuesday, 15 December 2015 - 12:58

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9A%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගය වෙනුවට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් යෝජනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මුදල් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනෙන්නේ කවදා ද යන්න වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා විමසීමෙන් අනතුරුවයි.

මුදල් අමාත්‍ය රවී කරුණානායක ඉදිරිපත් කළ අයවැයේ යම් ගැටළුකාරී තත්ත්වයක් පවතී නම්, ඒවා මෙම තේරීම් කාරක සභාව මගින් විසදිය හැකි බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories