ජගත් සංවිධාන නියෝජිතයෙකු ලංකාවට

Tuesday, 15 December 2015 - 13:08

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
මානව හිමිකම් සුරැකීම අතින් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දිරිගන්වන සුළු බව ජගත් සංවිධානයේ ඉහළ පෙළේ නියෝජිතයෙකු පවසනවා.

නිත්‍යානුකූල නොවන අත්තනෝමතික ඝාතන පිළිබද සොයා බලන ජගත් සංවිධාන විශේෂ නියෝජිත ක්‍රිස්ටෝපර් හේන්ස් මේ බව ප්‍රකාශ කර ඇත්තේ නිවේදනයක් නිකුත් කරමින්.

එමෙන්ම නුදුරේදීම ශ්‍රී ලංකාවට පැමිණීමට තමා අපේක්ෂා කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

විශේෂයෙන් වත්මන් ශ්‍රී ලංකා රජය ජගත් සංවිධානය සමඟ එක්ව කටයුතු කිරීමේ අභිලාශයකින් සිටින බව තම අදහස යැයි ක්‍රිස්ටෝපර් හේන්ස් වැඩිදුරටත් සදහන් කළා.

ජීවත්වීමට ඇති අයිතිය සුරැකීමේ මධ්‍යම කේන්ද්‍රය වන්නේ වගවීම බවයි ඔහු කියා සිටියේ.

2014 වසරේ ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවට අනුකූලව ජගත් සංවිධාන නියෝජිතයන්ගේ සංචාර සඳහා ශ්‍රී ලංකාව ඉඩ සැලසිය යුතුයි.

කෙසේ නමුත් පසුගිය රජය යටතේ ඔවුන්ට මෙරටට පැමිණීමට ඉඩ ලබා දුන්නේ නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories