ඇමරිකා රාජ්‍ය ලේකම්වරයා රුසියාවේ

Tuesday, 15 December 2015 - 13:55

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු නායකයන් සමඟ සාකච්ඡා කිරීම සඳහා දැන් මොස්කව් නුවරට පැමිණ සිටිනවා.

විශේෂයෙන් සිරියානු යුද්ධය පිළිබද දෙරට අතර පවතින මතභේද නිරාකරණය කර ගැනීම එම චාරිකාවේ අරමුණයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියානු විදේශ ඇමති සර්ජි ලැවරොෆ් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් ද මුණ ගැසීමට නියමිතයි.

මෙම චාරිකාව ආරම්භවීමට පෙර රුසියානු විදේශ අමාත්‍යාංශය සිරියාවේ ඇමරිකානු ප්‍රතිපත්තිය විවේචනයට ලක් කළා. එහිදී රුසියාව ප්‍රකාශ කළේ ඇමරිකාව හොඳ සහ නරක ලෙස ත්‍රස්තවාදීන් බෙදීමට උත්සාහ කරන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories