ඇමරිකානු නියෝජිතයා අද ජනපති සහ අගමැති හමුවෙයි

Wednesday, 16 December 2015 - 10:19

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනෝන් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතයි.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ඇමරිකාවට සහ ශ්‍රී ලංකාවට වැදගත් වන සාමාජයීය සහ ආර්ථික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනෝන් ඊයේ දිනයේදී  ත්‍රිකුණාමලයේ සංචාරයක නිරතවුණා.

එහිදී ඔහු විශේෂ හමුවකට එක්වූ අතර, ඊට ඇමරිකාවේ මධ්‍යම ආසියානු සහකාර ලේකම් මාෆික් සිං, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාෆික් නෆීර් ඇතුලූ රාජතාන්ත්‍රික නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

එහිදී අදහස් දැක්වූ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදේශක තෝමස් ෂැනෝන් කියා සිටියේ ශ්‍රී ලංකාව සමඟ ඇමරිකාව සෑම විටම සහයෝගයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවයි.

අදාළ සාකච්ඡාවෙන් පසුව ඇමරිකානු උපදේශකවරයා ත්‍රිකුණාමලයේ පොදු රාජ්‍ය මණ්ඩලීය යුද සොහොන් පිටිය වෙත ගොස් උපහාර පිදීමක්ද සිදුකළ අතර ත්‍රිකුණාමල කෝනේස්වරම් කෝවිලේ ආගමික වතාවත්වලටද ඔහු එක්වුණා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories