ත්‍රිරෝද රථයක් සහ බවුසරයක් ගැටී අයෙකු මරුට- තවත් තුනකට තුවාල

Thursday, 17 December 2015 - 9:22

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%80%E0%B7%94%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
මහනුවර - නුවරඑළිය මාර්ගයේ රම්බොඩ ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් සහ බවුසරයක් ගැටීමෙන් ඊයේ සිදුවූ රිය අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් 17 හැවිරිදි තරුණයෙකු මෙලෙස මියගොස් ඇති බවයි. තුවාල ලැබූ අනෙක් පුද්ගලයින් තිදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා ගම්පොල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඔවුන් අතර කුඩා දරුවන් දෙදෙනෙකුද සිටින බවයි වාර්තාවන්නේ. මේ අතර කොළඹ - පොතුවිල් මාර්ගයේ මහකළුගොල්ල විද්‍යාලය අසලදී ඊයේ සිදුවූ රිය අනතුරකින්ද පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories