මාළඹේ වෙඩි තැබීම ගැන CCTV ඔස්සේ පරීක්ෂණ

Thursday, 17 December 2015 - 12:55

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+CCTV+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
මාළඹේ - අරංගල මංසන්ධියේදී කැබ් රථයකට වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකුට තුවාල සිදුකර පළාගිය වෑන් රථය සෙවීම සඳහා එම ප්‍රදේශයේ සවිකර ඇති සී සී ටී වී කැමරා උපයෝගී කරගන්නා බව පොලීසිය පවසනවා.

අතුරුගිරිය පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මෙම වෙඩි තැබීමට සම්බන්ධ පිරිස් පිළිබඳ තවමත් තොරතුරක් වාර්තාවී නොමැති බවයි.
අරංගල මංසන්ධියේදී මෙලෙස වෑන් රථයකින් පැමිණි පිරිසක් අදාළ කැබ් රථයට වෙඩි තැබුවේ අද අලූයම 12 යි 45 ට පමණයි.

වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් දෙදෙනෙකු ගමන් ගනිමින් සිටි අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා ශ්‍රී ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කළා. තුවාලලැබූවන් දෙදෙනා  අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

ඔවුන් මංගල උත්සවයකට සහභාගිවී යළි නිවෙස් වෙත පැමිණෙමින් සිටියදියි මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා. ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන අතර, මෙම වෙඩි තැබීම සිදුකිිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories