ගුවන් යානයක එන්ජිම තුළට ඇදීගොස් සේවකයෙකු කුඩුපට්ටම් වෙයි

Thursday, 17 December 2015 - 15:37

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%A2%E0%B7%92%E0%B6%B8+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF%E0%B7%93%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියානු ගුවන් සමාගමට අයත් සේවකයෙකු යානයක එන්ජිමක් තුළට ඇදී යාමෙන්  ජීවිතක්ෂයට පත්වෙයි. ගුවන් තොටුපළ සේවකයා මුම්බායි චත්‍රපති සිවාජි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අනතුරට ලක්ව  ඇත.

ඊයේ (16) රාත්‍රි 8.45 ට පමණ AI 619 යානය හයිද්‍රාබාද්  පිටත්වීම සඳහා සූදානම්ව ගුවන් පථයට පැමිණ තිබේ. සේවකයා යානය ආසන්නයට පැමිණ ඇත්තේ  යම් කටයුත්තක් වෙනුවෙන්. කෙසේ වෙතත් හෙතෙම අපරීක්ෂාකාරීව යානය ආසන්නයේ සැරි  සරා ඇති බව සඳහන්.

ඔහු එන්ජිම අසළට පැමිණෙනවාත් සමගම ක්ෂණයෙන් ඇද ගැනීමට ලක්ව ඇත. සිරුරේ කොටස් විසිරී ගොස් තිබේ.

මීට පෙරද ගුවන් යානයක එන්ජිමකට පුද්ගලයෙකු ඇදී ගොස් මියගිය බවට අසත්‍ය වීඩියෝවක් අන්තර්ජාලයේ පළවුණු නමුත් මෙම සිද්ධිය සත්‍ය  බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories