දේශපාලන පෙරළිය පසුගිය වසරේ ලොව වැදගත්ම සිදුවීමක්

Friday, 18 December 2015 - 7:50

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පසුගිය වසරේ ලොව ඇතිවූ වැදගත්ම සිදුවීම් අතරට ශ්‍රී ලංකාවේ දේශපාලන පෙරළියද ඇතුළත් වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් පවසනවා.
නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ සිය වර්ෂ අවසාන මාධ්‍ය හමුවට එක්වෙමින් මහ ලේකම්වරයා ඊයේ මේ බව සඳහන් කළා. දුෂ්කර වාතාවරණයක් හමුවේ වුවද ශ්‍රී ලංකාව තුළ දේශපාලන වශයෙන් ප්‍රගතියක් ඇතිවී තිබෙනවා.

විශේෂයෙන් පසුගිය වසරේ මෙරට සිදුවූ බලහුවමාරුව දිරිගන්වන සුළු බවයි මහ ලේකම් බෑන් කී මූන් කියා සිටියේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 70 වන සංවත්සරය, තිරසාර සංවර්ධනයට ගෙන ඇති පියවර, කාලගුණ විපර්යාසයට එරෙහි ලෝක ක්‍රියාකාරීත්වය, ගැටුම් විසඳීම සහ මානුෂවාදී සහය පිළිබඳවද ජගත් සංවිධාන මහ ලේකම්වරයා මෙහිදි අදහස් පළ කළා.

එහිදී ඔහු කියා සිටියේ ලොව ගැටුම්කාරී වාතාවරණයක් පවතිද්දී සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට ජගත් සංවිධානය තවදුරටත් සක්‍රීය ලෙස දායක වන බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories