විදේශ සේවයේ පූර්ණ ප්‍රතිසංවිධානයක්

Friday, 18 December 2015 - 13:01

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
විදේශ සේවයේ පූර්ණ ප්‍රතිසංවිධානයක් සිදු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (18) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ විදේශ සේවයේ ඇතැමුන් කොළඹට ගෙන්වා වත්මන් රජයේ ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට සිදුව ඇති බවයි.

එහිදී අදහස් දැක්වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කියා සිටියේ වත්මන් රජය ද විදේශ සේවය සදහා පත් කර ඇති නිලධාරින්ගෙන් සියයට 49 ක් එම සේවාවට අයත් නොවන පුද්ගලයින් බවයි.

වැවිලි කර්මාන්ත, විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් සහ ස්වදේශ කටයුතු ඇතුළු අමාත්‍යාංශ 08ක  වැය ශිර්ෂ අද දිනයේ පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories