5 ශිෂ්‍යත්වයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි - ලැයිස්තුව මෙන්න

Friday, 18 December 2015 - 15:06

5+%E0%B7%81%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පාසල්වලට ඇතුළත් වීම සඳහා නියමිත කඩයිම් ලකුණු මේ වනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, කොළඹ - රාජකීය විද්‍යාලයට සහ විශාඛා විද්‍යාලයට නියමිත කඩයිම් ලකුණ 184 ක්.

මහනුවර - ධර්මරාජ විද්‍යාලයට එය 182 ක් ලෙස දැක්වෙන අතර කොළඹ - ආනන්ද, දේවිබාලිකා සහ මහනුවර - මහාමායා විද්‍යාලයේ එම කඩයිම් ලකුණු 181 ක් වන බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

කොළඹ - නාලන්ද, සිරිමාවෝ බණ්ඩාරනායක , කුරුණෑගල - මලියදේව පිරිමි සහ කාන්තා, ගාල්ල - සවුත්ලන්ඞ් යන විද්‍යාලවල 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට අනුව සිසුන් ඇතුළත් කර ගන්නා කඩයිම් ලකුණු 179 ක්.

මහනුවර - කිංස්වුඞ් විද්‍යාලයේ එම සංඛ්‍යාව 178 ක් වන අතර, කොළඹ - ඞී.එස්. සේනානායක , ගාල්ල - රිච්මන්ඞ්, කුරුණෑගල - ශාන්ත ආනා, ගම්පහ - රත්නාවලි සහ නුගේගොඩ - අනුලා විද්‍යාවලට අදාළ කඩයිම් ලකුණ 177 ක් ලෙසයි දැක්වෙන්නේ.

මාතර - රාහුල සහ සුජාතා විද්‍යාලවලට එය 176 ක් වන අතර, මිශ්‍ර පාසලක් වන පන්නිපිටිය - ධර්මපාල විද්‍යාලයේ කඩයිම් ලකුණ 173 ක්.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories