ගිනි අවි බලපත්‍ර ඉල්ලා ඇවන්ට් ගාඩ් සභාපති උසාවි යයි

Friday, 18 December 2015 - 19:27

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%87%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%8B%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B7%92+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඇවන්ට් ගාඩ් ආරක්ෂක සමාගමේ ගිනි අවි සඳහා 2016 වසරට අදාළ බලපත්‍ර ලබා නොදීමට එරෙහිව එහි සභාපති නිශ්ශංක සේනාධිපති අද (18) අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

නීතිපතිවරයා, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා, කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා මෙන්ම, මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ඇතුළු 8 දෙනෙකු එහි වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.

සිය සේවා කටයුතුවලට අවශ්‍ය වන ගිනි අවි 91 ක් සඳහා බලපත්‍ර නිකුත් කරන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයාට නියෝග කරන ලෙසත්, ඊට අදාළ අයදුම්පත නිර්දේශ නොකිරීමට මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ගත් තීරණය අහෝසි කරන ලෙසත්, පෙත්සමින් ඇවන්ට් ගාඩ් සමාගම ඉල්ලා තිබෙනවා.

ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ඇතිව ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නීත්‍යානුකූලව මිලට ගත් ගිනි අවි සිය සේවා කටයුතු සඳහා භාවිතා කරන බවයි පෙත්සම්කරු මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

අදාළ ගිනි අවිවලට බලපත්‍ර ලබාදීම මිරිහාන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේ වෙතත්, පෙත්සම විභාග කර අවසන් වනතුරු අදාළ ගිනි අවි සම්බන්ධයෙන් පොලිසියට කිසිදු පියවරක් ගැනීමට නොහැකි වන පරිදි අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ද ඇවන්ට් ගාඩ් සභාපතිවරයා ඉල්ලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories