ශ්‍රී ලංකාව වටිනා සහකරුවෙක්

Sunday, 20 December 2015 - 8:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකාව, ඉන්දියාවට වටිනා සහකරුවෙකු බව එරට විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් ප්‍රකාශ කළා.

නවදිල්ලියේ පැවති උත්සවයකට එක්වෙමින් ඇය කියා සිටියේ මෙරට වාර්ගික ගැටලූව විසඳීම සදහා ඉන්දියාවේ පූර්ණ සහය හිමිවන බවයි.

ඒ සදහා ලක් රජය සමග එක්ව කටයුතු කරන බව ද ඇය අවධාරණය කළා. ද්වීපාර්ශවික සහයෝගිතාව ඉහළ නැංවීමට ද පියවර ගැනෙනවා.

අසල්වාසියාට මුල්තැන යන ප්‍රතිපත්තිය යටතේ  නව ඉන්දීය රජය කටයුතු කරන අතර, එහිදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානයක් හිමිවන බවයි ඉන්දීය විදේශ කටයුතු ඇමතිනිය සදහන් කර ඇත්තේ.

මේ අතර ඉන්දීය විදේශ කටයුතු ඇමතිනී සුෂ්මා ස්වරාජ් ලබන වසරේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ කොමිසමේ රැස්වීම් සඳහා ඇය මෙලෙස පැමිණීමට නියමිතයි.

කෙසේ නමුත් ඒ සඳහා නිශ්චිත දිනයක් මෙතෙක් තීරණය කර නොමැති බව විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories