නත්තලේදී දේවස්ථාන තුළ නත්තල් ගස් එපා

Sunday, 20 December 2015 - 12:58

%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%91%E0%B6%B4%E0%B7%8F
නත්තල් කාලය තුළදී නත්තල් ගස කතෝලික දේවස්ථාන ඇතුළත ප්‍රදර්ශනය නොකරන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, දේවස්ථාන භාර පියතුමන්ලාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මීසම්භාර පියතුමන්ලා වෙත විශේෂ ලිපියක් යවමින් කාදිනල්හිමිපාණන් පෙන්වා දෙන්නේ නත්තල් ගස කතෝලිකයන්ගේ වන්දනාවට ලක්වන කාරණයක් නොවන නිසා එම ඉල්ලීම සිදුකරන බවයි.

නමුත් දේවස්ථානයෙන් පිටත මණ්ඩපය තුළ හෝ වෙනත් ස්ථානයක නත්තල් ගස ප්‍රදර්ශනය කිරීමට හැකියාව තිබෙනවා.   

කතෝලික සභාවට අනුව නත්තල් ගස සැළකන්නේ නත්තල සංකේතවත් කරන අංගයක් ලෙසයි.

නත්තල් ගස භාවිතා කිරීම ඉතිහාසයේ ආරම්භවන්නේ යුරෝපයෙන්.

උඳුවප් සමය එළඹීමත් සමඟ ඇති අධික ශීතල නිසා යුරෝපයේ සියලූ ගස්වල කොළ වියලී යන අතර, කොළ පැහැති නත්තල් ගස නිවස තුළ සැරසීමෙන් අදහස් වන්නේ නිවස තුළට ජීවය රැගෙන ඒමක් ලෙසයි.

නමුත් පසුකාලීනව ලෝකය පුරා නත්තල් ගස සැරසිලි අංගයක් ලෙස ව්‍යාප්ත වූ අතර, මේ වනවිට කතෝලික නොවන පිරිස්ද නත්තල් ගස සැරසිල්ලක් ලෙස නිවසට එක් කරගැනෙනවා.

මීට අමතරව නත්තල් සීයා ලෙස සැළකෙන ශාන්ත නිකලස්තුමන් වෙළඳ භාණ්ඩයක් ලෙස සහ ප්‍රචාරක මෙවලමක් ලෙස යොදාගැනීම සිදු නොකළ යුතු බවද කතෝලික සභාව කියා සිටිනවා.

එය ශාන්ත නිකලස්තුමන් දිළිඳු ජනතාව වෙනුවෙන් කළ නිහඩ සේවයට අගෞරව කිරීමක් බවයි කාදිනල්හිමිපාණන් කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories