පොලිස් කොස්තාපල් පෙම්වතාගෙන් පෙම්වතියට පිහි ප්‍රහාරයක්

Sunday, 20 December 2015 - 13:28

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිස් කොස්තාපල්වරයෙකු තම පෙම්වතියට පිහියකින් ඇනීමේ සිද්ධියක්  සපුගස්කන්ද - සියඹලාපේ ප්‍රදේශයෙන් වාර්තාවනවා.

මෙම තරුණිය සිය නවාතැන්පලේ සිටියදී 32 හැවිරිදි පොලිස් කොස්තාපල්වරයා ඇගේ මැණික් කටුව ආසන්න ප්‍රදේශයට පිහියෙන් ඇණ ඇති බවටයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ.

මෙලෙස මෙසේ තුවාල ලබා ඇත්තේ 28 හැවිරිදි කළුතර - මතුගම ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

ඇය මේ වනවිට රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඇය සමඟ පැවති ප්‍රේම සම්බන්ධය බිඳවැටීම හේතුවෙන් අදාළ තරුණියට මෙසේ පිහියකින් ඇණ තුවාල සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

සැකකරු මේ වනවිට සපුගස්කන්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මහර මහේස්ත්‍රාත්වරයා වෙත අද දිනයේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories