බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශ යානයක් හදිසියේ ගොඩබස්සවයි

Sunday, 20 December 2015 - 15:37

%E0%B6%B6%E0%B7%9D%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6+%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B7%92
බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශ ගුවන් යානයක් අද දහවල් හදිසියේම ගොඩබස්වා තිබෙනවා.

අප්‍රිකානු මොරිසස් රාජ්‍යයේ සිට ප්‍රංශයේ පැරිස් නුවර දක්වා පියාසර කළ මෙම ගුවන් යානය හදිසියේ ගොඩබැස්වූයේ කෙන්යානු ගුවන් තොටුපළකටයි.

ගුවන් යානයේ වැසිකිළියක තිබී සැක කටයුතු පාර්සලයක් හමුව ඇති අතර, ඒ අනුවයි ගුවන් නියමුවන් යානය ගොඩබැස්සවීමට තීරණය කර ඇත්තේ.

ප්‍රංශ ගුවන් සේවයට අයත් බෝයිං 777 දරණ මෙම ගුවන් යානයේ කාර්ය මණ්ඩලය ඇතුළු මගීන් 473ක් ගමන් කරමින් සිට තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ යානයේ ගොඩබැස්සවීමෙන් පසුව කෙන්යානු ආරක්ෂක අංශ විසින් යානය මේ වන විට පූර්ණ පරීක්ෂාවකට ලක් කරමින් සිටින බවයි.

පැරිස් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු විටින් විට ඇති වූ බෝම්බ අවධානම් නිසා ගුවන් යානා කිහිපයක් පසුගිය කාලයේදී හදිසි ගොඩබැස්සවීම්වලට ලක් කෙරුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories