කොස්ගොඩ මෝය කටේ මළ සිරුරක්

Monday, 21 December 2015 - 15:52

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%B8%E0%B7%9D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කොස්ගොඩ දුව මෝදර ප්‍රදේශයේ මෝය කට අසල පාවෙමින් ඇති මළ සිරුරක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම මළ සිරුර මහ ඉඳුරුව ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි විවාහක පුද්ගලයකුගේ බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔහු කම්කරු රැකියාවේ නිරතවන අයෙක් බව සඳහන්.

ඊයේ සවස තම සැමියා නිවසට නොපැමිණි බවට මෙම පුද්ගලයාගේ බිරිඳ විසින් කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් ද කර තිබෙනවා.

මෙම මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර කොස්ගොඩ පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories