අයවැය සංශෝධනය කළත් වෙනස් වෙලා නෑ

Monday, 21 December 2015 - 22:32

%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%91
මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අයවැයට සංශෝධන එක් කළ ද අයවැයේ අරමුණු වෙනස් වී නොමැති බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් හිටපු අමාත්‍ය තිස්ස විතාරණ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ සමාජවාදී ජනතා පෙරමුණ අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහි තේමාව වූයේ අයවැය විවාදයෙන් පසු දේශපාලනය යන්නයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය තිස්ස විතාරණ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරය පිළිබදව ද අදහස් පළ කළා.

 මෙම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජධීර ප්‍රකාශ කළේ අයවැය සංශෝධන ක්‍රියාත්මක කරන ආකාරය පැහැදිලි නොමැති බවයි.

 වත්මන් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් හිමිවුව ද ජනතා සහාය අඩක්වත් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ පිවිතුරු හෙළ උරුමය අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories